Drink and Drive

බීලා වාහනය එළවන්න බැරිද? කොළඹ විනාඩි 30න් ඩ්‍රයිවර් කෙනෙක් ඔබ ළඟට

By the Family Driver team ·

යාළුවොත් එක්ක පාටියක්, වෙඩින් එකක්, ඔෆිස් ඩිනර් එකක්... ඔබ වාහනය අරන් ගියා, ඩ්‍රින්ක් එකක් දෙකක් ගත්තා. දැන් ගෙදර යන්නේ කොහොමද? ටැක්සි එකක ගියොත් වාහනය එතනම දාලා යන්න වෙනවා. ඔබම එළවගෙන ගියොත් ඔබේ ජීවිතයට, පාරේ අනිත් අයට වගේම නීතියෙනුත් ලොකු අවදානමක්.

Family Driver එකේ Drink and Drive සේවාවෙන් මේකට සරල විසඳුමක් තියෙනවා. බීලා නැති, verify කරපු ඩ්‍රයිවර් කෙනෙක් ඔබ ඉන්න තැනට ඇවිත්, ඔබේම වාහනයෙන් ඔබව ගෙදර ගෙනියනවා. උදේට වාහනය ගන්න ආපහු යන්නත් ඕන නෑ.

කොළඹ ප්‍රදේශයේ විනාඩි 30ක් ඇතුළත

අපි දැනට සේවය කරන්නේ කොළඹ සහ අවට ප්‍රදේශවල. ඒ නිසා app එකෙන් book කළාම සාමාන්‍යයෙන් විනාඩි 30ක් ඇතුළත ඩ්‍රයිවර් කෙනෙක් ඔබ ළඟට එනවා. කොළඹ 1 සිට 15 දක්වා, නුගේගොඩ, දෙහිවල, ගල්කිස්ස, රාජගිරිය, බත්තරමුල්ල, මහරගම, මාලබේ ඇතුළු අපි සේවය කරන ප්‍රදේශ මෙතනින් බලන්න.

App එකෙන් හැමදේම බලාගන්න පුළුවන්

  • එන ඩ්‍රයිවර් කවුද, ඔබට කොච්චර ළඟද කියලා app එකෙන්ම පේනවා.
  • ගාස්තුව Family Driver app එකෙන් ගණනය කරනවා.
  • හැම ඩ්‍රයිවර් කෙනෙක්ම verify කරපු අය.
  • Cash හෝ card වලින් ගෙවන්න පුළුවන්.

Book කරන්නේ කොහොමද?

  • Family Driver app එක download කරගන්න.
  • Pickup එක විදිහට ඔබේ වාහනය තියෙන තැන දාන්න. (හෝටලයේ car park එක, පාර, යාළුවාගේ ගෙදර)
  • යන්න ඕන තැන දාලා confirm කරන්න.
  • ඩ්‍රයිවර් ඇවිත් ඔබේම වාහනයෙන් ඔබව ආරක්ෂිතව ගෙදර ගෙනියනවා.

කොහෙන්ද අපි pickup කරන්නේ?

හෝටල්, බාර්, පබ්, ක්ලබ්, වෙඩින් හෝල්, යාළුවෙක්ගේ ගෙදර, ඕනම තැනකින්. පෝට් සිටි, කොල්ලුපිටිය, කොටුව සහ ගාලු මුවදොර, ගල්කිස්ස වෙරළ වගේම කොළඹ හෝටල් සහ ක්ලබ් වලිනුත් අපි pickup කරනවා. දවසේ පැය 24ම, සතියේ දවස් 7ම.

වෙඩින් එකකට හරි පාටියකට හරි යනවනම්

රෑ 12ට car park එකේ ඩ්‍රයිවර් කෙනෙක් හොයන්නේ නැතුව, කලින්ම app එකෙන් book කරලා තියන්න. වාහන දෙකක ආවනම් වාහනෙකට ඩ්‍රයිවර් කෙනා ගානේ book කරන්න.

Drink and Drive සේවාව ගැන වැඩි විස්තර මෙතනින් බලන්න. ඔබේ ජීවිතය වටිනවා. බීලා එළවන්න එපා, ඩ්‍රයිවර් කෙනෙක්ට කියන්න.

Need a driver tonight?

A sober, verified driver comes to you and drives your own car. 24/7 across Colombo.